mediahumanrights.lk
NewsPolitical

අපි නොමැරී බේරුනා.. උන්නම් මරලම දායි..- ලංසා

නව සන්ධානයේ ජා ඇල ආසනයේ මහජන රැළිය ලබන 27 වැනිදා ජා ඇල නගරයෙදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

“ශක්තිමත් ආර්ථිකයක් ජයග්‍රාහී ගමනක් “යන්න තේමාව කර ගනිමින් නව සන්ධානයේ මෙහෙයුම් නායක හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සහ එහි නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් එම රැළිය පැවැත්වීමට කටයුතු කරන බව රාජගිරිය පක්ෂ මුලස්ථානය පවසයි.

විශේෂත්වය වන්නේ ජාතික ජන බලවේගය මිට මාසයකට පෙර ඔවුන්ගේ රැළිය පැවැත්වූ ස්ථානයම නව සන්ධානයත් මෙම රැළිය පැවැත්වීම සඳහා තෝරා ගැනීමයි.

එම රැළියේ සංවිධාන කටයුතු ගැන සාකච්චා කිරීමේ විශේෂ හමුවක් නව සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජා ඇල පරණ තානායමේදී පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවැත්විණි.

මේ අවස්ථාවට නිමල් ලන්සා,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ,හිටපු පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න,සුගීශ්වර බණ්ඩාර,නලින් සමරකෝන්,හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ කොට්ඨාස සංවිධායකින් ඇතුළු පිරිසක්ද රාජගිරිය පක්ෂ කාර්යාලයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

එහිදී අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ නිමල් ලන්සා රැළිය පැවැත්වීමට හේතුව සහ නව සන්ධානයේ ඉදිරි වැඩපිලිවෙල ගැන දැනුවත් කළහ.

රැස්වීම අවසන් වීමෙන් අනතුරුව පැමිණ සිට පිරිස සුහද කතාබහකද නිරත වුහ.

“අපේ ලන්සා ඇමතිතුමා දේශපාලනය කරන්න ගිහින් සිල්ල නැතිකරගත්තා,සියලු ව්‍යාපාර අරගල කාරයෝ මංකොල්ල කෑවා,එතුමා මිනිස්ස්සුන්ට උදව් කරපු කෙනෙක්,ජේවීපී කාරයෝ ගම්වලට ගිහින් කරන මේ බොරුව මිනිස්සුන්ට තේරුම් කරන්න අපිට විදියක් නැතුව හිටියේ,දැන් අපට ඒ අවස්ථාව ලැබුණා “ගම්පහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු කිවේය.

“දැන් බය නැතිව ගම්වලට ගිහින් මේ ඇත්ත ජනතාවට කියන්න,තේ කඩයක්වත් දාපු නැති උන් රටේ ආර්ථිකය ගැන කතාකරනවා,හැබැයි එකක් මතක තියාගන්න,ජනතාවට බොරු කියල බැරි පොරොන්දු දීල බලයට අවොත් ජනතාව පාඩම උගන්නයි,අපි නොමැරී බේරුණා,උනවනම් මරලම දායි පතුරන බොරු වලට”නිමල් ලන්සා මන්ත්‍රීවරයා කිවේය.

“ඒකනම් ඇත්ත,දැන් ඔබතුමාලා ජනතාවට අතරට ගිහිල්ල මේ ඇත්ත පහදලා දෙන්න”නලින් ඇමතිවරයා කිවේය.

“දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ස්වාධින මන්ත්‍රී පිරිසෙන් වැඩි පිරිසක් ඉන්නේ අපේ ඇමතිවරු එක්ක,ඒ වගේම වැඩිම පක්ෂ ගණනක් ඉන්නේ අපිත් එක්ක,දැන් පක්ෂ කාර්යාලය ක්‍රියාත්මකයි,ඕනෑම වෙලාවක ජනතාව වෙනුවෙන් එය විවෘත්ත කරලා තියෙන්නේ”සුගීශ්වර බණ්ඩාර කිවේය

– Repoter

Related posts

බුරියානි දීලා නගර සභා පාලනය කරන්න බැහැ: කොළඹ අයවැය පරාජය ගැන මුජිබර් රහුමාන්

Shiran Viraj

වනාතවිල්ලූව වැනසූ අයට කිසිම සමාවක් නෑ – පරිසර ඇමැති අමරවීර කියයි

Shiran Viraj

මීයෙක්‌ සපා කෑවාට සුදු කබර හැදෙනවද?

Shiran Viraj
Translate »