mediahumanrights.lk
Local News News

පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට සහ බගවන්තලාව ප්‍රදේශයට (19) දින පස්වරුවේ අධික වර්ෂාව පතිත විමත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව කොටියාගල වතු නිවාස වලට පිවිසෙන මාර්ගය සහ අසල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.

තවද බගවන්තලාව සෙස් මේරිස් ජාතික පාසලේ ක්‍රිඩාංගණය සහ පාසල් ගොඩනැගිලි කිහිපයක්ද ජලයෙන් යට වි ඇත.

බගවන්තලාව නගරයේ සිට තෙරේසියා වතුයායට පිවිසෙන මාර්ගයද ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා වතු කම්කරුවන් දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය බගවන්තලාවේ සිට ටින්සින් නගරය දක්වා මඩ සහ වැල් පැළැටි වැවි ගොඩ වි ඇති නිසා එම ඔයේ ජලය රිසි ලෙස පහලට ගලා නොබැසිම හේතුවෙන් සුළු වර්ෂාපතනයකදි පවා බගවන්තලාව ප්‍රදේශය ජලයෙන් යට වන බවයි පිඩාවට පත් බගවන්තලාව ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ.

Related posts

ජනපති එන්න පෙර පරික්ෂා කරන විට 'බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින්' ආයුධ හමුවේ

Shiran Viraj

කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

Shiran Viraj

ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්‍යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයි

Shiran Viraj