mediahumanrights.lk
Local NewsNews

කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..

කොළඹ උසස් බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පොලිස් අණ නොතකා පැදවීම මත මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

නාවල හා කොළඹ ප්‍රදේශයේ පදිංචි සිසුවියන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මරදාන ඩීන්ස් පාරේ දී, මරදාන ටෙක්නිකල් හන්දිය ආසන්නයේදී, මරදාන කැලෑ පොල අසලදීත් ඔවුන්ට රථය නවත්තන්නැයි පොලිසිය සංඥා කර ඇතත් ඔවුන් එම අණ නොතකා ධාවනය කර තිබේ.

ඒ අනුව පොලිසිය ඔවුන්ගේ රථය පසුපස හඹා ගොස් එය නවත්වා ගැනීමට කටයුතු කර ඇති අතර එහිදී පොලීසිය හා තරුණියන් පිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇත.

පසුව තරුණියන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

නව ආසාදිතයින් 11න් එක්කෙනෙක් හැර සෙසු පිරිස නාවික හමුදාවෙන්

Shiran Viraj

20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංග

Shiran Viraj

ජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ..- නාමල්..

Shiran Viraj
Translate »