mediahumanrights.lk
Local News News

අලුත් ආණ්ඩුවක්.. අගමැති සජිත්… පක්‍ෂ කිහිපයක් එකගයි..

සමගි ජන බලවේගය විසින් තවත් දේශපාලන පක්ෂ කිහිපයක සහාය ඇතිව නව ආණ්ඩුවක් පිහිටීමේ සැලසුම් කර සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය දරමින් තවත් පක්ෂ කීපයක එකඟතාවය මත ආණ්ඩුවක් පිහිටුවීමේ ස්ථාවරයක සිටින බව අබේසිංහ මහතා සඳහන් කළේය.

එම ආණ්ඩුව පිහිටුවීමේදී සඳහා වන කොන්දේසියක් ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන කාලරාමුවක් ඉදිරිපත් කළ යුතුව ඇති බවයි.

රටේ පවතින අර්බුදකාරී තත්වය විසඳීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ජනතාව පවසන අතර අග්‍රාමාත්‍ය ධුරය දරන්නෙත් ජනතාව විසින් දැනටමත් ප්‍රතික්ෂේප කළ අයෙකු බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Related posts

සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට

Shiran Viraj

ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින්..- අයිතුල්ලා කමේණි

Shiran Viraj

සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයි

Shiran Viraj