mediahumanrights.lk
News Political

චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විපක්ෂයෙ නියෝජිතයන් පිරිසක් හමු වී – මාධ්‍යයට විවෘත නොවූ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊට සජිත් ප්‍රේමදාස, කුමාර වෙල්ගම, චම්පික රණවක, කරු ජයසුරිය, රංජිත් මද්දුම බණ්ඩාර, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, එම්.සුමන්දිරන්, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන පිරිස සහභාගි වූ බව පැවසේ. හමුව තිබී ඇත්තේ BMICH හිදීයි.

රාජපක්ෂ පාලනය පෙරලීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

ජනතාව පාර්ලිමේන්තුවේ 225 ප්‍රතික්ෂේප කරමින් විරෝධතා කරන නිසා වෘත්තිකයන්ගේ සහාය ලබාගැනීමට වෘත්තීයවේදී කවුන්සලයක් වැනි විධිමත් ක්‍රමවේදයක් වහා ස්ථාපිත කළ යුතු බවට එහිදී යෝජනා වී ඇත.

මෙම යෝජනාවට සියලු දෙනාම එකඟතාවය පළකර ඇති අතර ඉදිරියේදීද මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට තීරණය කර තිබේ.

Related posts

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Shiran Viraj

SAITM අර්බුදය සාධාරණ ලෙස විසඳනවා – ජනපති

Shiran Viraj

සුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

Shiran Viraj