2026-09-02
mediahumanrights.lk
BusinessBusiness NewsNews

බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රී ලන්කන් ලොක්කා රුසියානු ගුවන් ගමන් නතර කළා.. ඔහු බටහිර ඒජන්තයෙක්.. සංචාරක කර්මාන්තය ඉවරයි.. – උදයංග වීරතුංග

ශ්‍රී ලංකන් ගුවන්සේවයට අළුතින් පත්වූ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රධානියා රුසියා – ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර කිරීමට මුල සිටම දැඩි පරිශ්‍රමයක් ගත් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමාජ ජාල සාකච්ඡාවකට එක් වෙමින් චෝදනා කර ඇත.

‘ඔහු මේ යුද්ධය පටන් ගත් දා සිට මේ ගුවන් නතර කළ යුතුයි කියන මතයේ සිටියා. බොහෝමයක් වෙලාවට ඔහුගේ උපදෙස වී තිබුණේ මේ ගුවන් ගමන් පාඩුයි.. රුසියාවට යන්න අවශ්‍ය නෑ. ඒ වෙනුවට ඕස්ට්‍රේලියාව වගේ රටකට යා යුතුයි කියලා. අද බටහිර ජාතිකයෙක් රුසියාවට විරුද්ධව හිටගන්න එක සාමාන්‍යයි.. විශේෂයෙන් එංගලන්ත ජාතිකයින් රුසියාවට විරුද්ධයි. ඉතින් එහෙම අදහස් පළ වෙච්ච අය අතුරින් අපේ ගුවන්සේවයේ සමහර නිලධාරීන් මේ ගුවන්යානාව රුසියාවේ මොස්කව් යන එකට විරුද්ධයි. ඒකට විරුද්ධ නිසා එක වෙලාවකට පාඩුයි කියල පෙන්නනව, ටිකට් විකුණගන්න බෑ කියනව.. රක්ෂණය නෑ කියනව.. නමුත් මේ ඔක්කොම විසඳන්න පුළුවන් ප්‍රශ්න.. විශේෂයෙන් රක්ෂණය සම්බන්ධ ගැටළුව අද ඊයේ කියපු එකක් නෙමෙයි.. ඒක නිසා මේව විසඳන්න පුළුවන් ප්‍රශ්න.. මේව යට තියෙන්නෙ වෙන න්‍යාය පත්‍රයක්.

මේ වසරේ ජනවාරි 01 දා සිට මාර්තු 15 දක්වා අතර කලය තුළ වැඩිම සංචාරකයින් පැමිණ තිබෙන්නේ පිළිවෙළින් ඉන්දියාවෙන් 35,627ක් සහ රුසියාවෙන් 35,064ක් ලෙස, අවසානයේ මේ දේවල් වලින් වෙන්නෙ අපේ රටට ඩොලර් ටිකක් ගේන සංචාරකයින්ට එන්න විදියක් නැති වෙන එක’

Related posts

දිවුලපිටිය හිටපු OIC CID අත්අඩංගුවට

Shiran Viraj

චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..

Shiran Viraj

කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා ඉහළට

Shiran Viraj
Translate »