mediahumanrights.lk
News Political

ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා මං කැපවනවා..- සජිත්

තමන්ගේ අරමුණ වන්නේ මේ රටේ දරු පරම්පරාව සුහුරු අධ්‍යාපනයෙන් ශක්තිමත් කොට දැනුම කුසලතා සහ ආකල්ප වලින් සන්නද්ධ කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එය වේදිකාවල කෑ ගැසීමට එහා ගිය ප්‍රායෝගික ක්‍රියාවලියක් බව පැවසූ විපක්ෂ නායකතුමා, “සක්වල” ආරම්භ කළේ ඒ සිහිනය ජය ගැනීම වෙනුවෙන් බවද පැවසීය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ “සක්වල” වැඩසටහනෙහි 14 වන අදියර ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ කොට්ටාව විද්‍යාධාන විද්‍යාලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කිරීම සිදුවිය.

ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා තමන් කැපවන බව කී විපක්ෂ නායකතුමා, අනාගත ලෝකයේ සංවර්ධනයේ තීරණාත්මක සාධකය එය බවද කීය. මේ අතර රටට අගයක් එකතු කරන්නට විපක්ෂය කිසිවිටෙකත් පසුබට නොවන බවද කීය.

– media unit

Related posts

ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.

Shiran Viraj

බෝගම්බර 150කට කොරෝනා.. මහනුවරට විශාල තර්ජනයක්.. වහා ඉවත් කරන්නැයි ඉල්ලයි..

Shiran Viraj

ප්‍රදේශ කිහිපයකට පැනවූ ඇඳිරි නීතිය පිළිබඳව පොලීසිය ගත් තීරණය

Shiran Viraj