mediahumanrights.lk
NewsPolitical

සෑම ගෙදරකටම මුදල් අච්චු ගහන මුද‍්‍රණ යන්ත‍්‍රයක් දිය යුතුයි…

මුදල් අච්චු ගැසීම මගින් රටක් දියුණු කළ හැකි නම් සෑම නිවසකටම මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණය යන්ත‍්‍රයක් දිය යුතු බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘මුදල් අච්චු ගහලා රටක් දියුණු කරන්න පුළුවන් නම් හැම ගෙදරකම පි‍්‍රන්ටින් මැෂින් එකක් දුන්නනම් ඉවරයි. මුදල් අච්චු ගහන එක හැර රටේ නිෂ්පාදනය දියුණු කරන්න ආයෝජන වැඩි කරගන්න, භණ්ඩ හා සේවා සංවර්ධනය කරන්න කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක් අද ආණ්ඩුවට නැහැ.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් වූ දවසේ සිට මේ වන විට රුපියල් බිලියන 678 අච්චු ගහලා. ඒ නිසා උද්ධමන වේගය 14%ක් වෙලා’

Related posts

ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

Shiran Viraj

තැපැල් සේවය රෑ සිට නෑ

Shiran Viraj

විල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුව

Shiran Viraj
Translate »