mediahumanrights.lk
Local News News

කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..

සෑම වසරකම හින්දු භකිතකයින් විසින් වසර ආරම්භයේදී සිදුකරන තයිපූසයි දේව පූජාව 18 රාත්‍රියේ යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලෙදී උත්සාවාකාරයෙන් පැවත්වුණි.

කෙසේ නමුත් අදාල දේව පූජාව වෙනුවෙන් සහභාගී වූ සියලු බැතිමතුන් සමාජ දුරස්ත භාවය, මුඛාවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත පියවර කිසිවක් අනුගමනය නොකරමින් මෙම දේව පූජාවට සහභාගී වීම පිළිබඳව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

විශාල දේව මණ්ඩපයක් විශාල කඹ යොදා ගෙන බැතිමතුන් විසින් මණ්ඩපය ඇදීම මෙහෙදී සිදුකෙරෙන අතර මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වුවද සියලුම බැතිමතුන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගනය නොකරමින් මෙම අවස්ථාවට සහභාගී වීම මගින් දැඩි කොරෝණා අවධානමක් මතුවන බවටද යාපනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී අපේ ජාතික කොඩි වෙනස් කරලා (PHOTOS)

Shiran Viraj

ලක්‍ෂ දෙකක් මාසෙට මදි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ දීමනා තව වැඩි කරන්න..- කොරෝනා අස්සේ කිරිඇල්ල ඉල්ලයි..

Shiran Viraj

රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමති

Shiran Viraj