mediahumanrights.lk
Business Business News News Political

මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරි

මෙම මාසය සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍යතාවයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එනිසා ඉන්දියාවට කතාකර ඩොලර් මිලියන 350ක මුදලක් ණයට ඉල්ලූ බවද ඇමැතිවරයා පැවසීය.

එය හදිසි ණයක් ලෙස ඉල්ලුවේ මේ මාසයේ ඉන්ධන ලබා ගැනීම සඳහා බවද ඔහු පැවසීය.

වසර ගණනාවක් තිස්සේ මෙරට පාලනය කළ සියලු රජයවල් විදේශයන්ගෙන් ආනයනය සඳහා ඩොලර් පිට කිරීමේ ප්‍රතිඵලය ලෙස අද මෙම තත්ත්වය උදාවී ඇති බවද ඇමතිවරයා කීය.

උත්සව අවස්ථාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

Related posts

ඉන්දීය ආහාර හා තෙල් තවත් නොලැබෙන ලකුණු….

Shiran Viraj

දර්ශණයක් ඇත්තේ රනිල්ට විතරයි.. මං තාම එජාප පාක්‍ෂිකයෙක්..- සජිත්ගේ කැපෑසිටිය මංගල හෙලි කරයි…

Shiran Viraj

ජය ස්කොට්ලන්තයට

Shiran Viraj