mediahumanrights.lk
Local NewsNews

කළුතර තත්ත්වය අන්තිමයි – පීසීආර් ප්‍රතිඵල එන්නෙ සතියකින්

කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්ති පාලනය තත්ත්වය ඉතාමත් අසතුටු දායක තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ අටුළුගම ප්‍රදේශයේ
පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදවීම එයට හේතුව බවයි.

අද දිනයේ ගනු ලබන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල සතියකට පසු ලැබීමෙන් කොවිඩ් තත්ත්වය පාලනය කිරීම ගැටළුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ඉතාම අමාරුවෙන් ගනු ලබන ජෛව පටල සාම්පලවල ශ්‍රමය, මුදල හා කාලය අපතේ යන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් විශාල ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වුවද මෙතෙක් කළුතරට පී.සී.ආර්. රසායනාගාරයක් නොමැති බව වෛද්‍යවරයා පෙන්වාදෙයි.

කොළඹ ජාතික රෝහලට, කෑගල්ල දිස්ත්‍රික්කයට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට ද පී.සී.ආර්. රසායනාගාරයක් නොමැති බකළුතර තත්ත්වය ඉතාමත් අසතුටුදායකයිව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

බුදුන් වහන්සේගේ නමින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

Shiran Viraj

ආණ්ඩුවේ කොරෝනා වියදම කබ්රාල් හෙලි කරයි..

Shiran Viraj

වවුනියාවේ ගෙවත්තකින් අත්බෝම්බයක් සොයාගනී

Shiran Viraj
Translate »