mediahumanrights.lk
Local NewsNews

සාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දින‌ට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමති

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ තීරණය ඉදිරි දින දෙක තුළ පවසන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්ය.

පවතින තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ නියම කර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් ඔහු සදහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, යම් හෙයකින් නියමිත දිනට විභාගය පැවැත්වීමට නොහැකි වුවහොත් යළි විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව අවම වශයෙන් සති 6කට පෙර සිසුන් දැනුම්වත් කරන බවයි.

siyatha news

Related posts

ලෝක ජනාවාස දිනය අද – 1500කට නිවාස ණය හා ඔප්පු

Shiran Viraj

ඩිජිටල් ජාතික හැඳුනුම්පත එයි.. අතහිත ඉන්දියාවෙන්…

Shiran Viraj

සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයි

Shiran Viraj
Translate »