2026-07-07
mediahumanrights.lk
Local NewsNews

රජයේ වී ගබඩාවකට අලි ප්‍රහාරයක්

අම්පාර උහන කුමාරිගම රජයේ වී ගබඩාවට ඊයේ (23) රාත‍්‍රීයේ වනඅලි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එයින් ගබඩාවේ දොරටුවකට හානි සිදුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
වී අඩංගු මලු කිහිපයක් මෙහිදී වනඅලිින් කා දමා තිබෙනවා.
මෙම වී ගබඩාවට එල්ල වූ එකොළොස් වැනි වනඅලි ප‍්‍රහාරය මෙය බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ.
වනඅලි ප‍්‍රහාරයෙන් පසු අම්පාර උහන කුමාරිගම රජයේ වී ගබඩාවේ ඇති වී තොග වෙනත් ගබඩාවකට මාරු කරන ලෙස බලධාරීන් මේ වනවිට උපදෙස් ලබා දී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් කොන්දොස්තරවරියන් බඳවා ගනී

Shiran Viraj

දිගටම වැඩවර්ජන නිසා වෛද්‍යවරුන් ගැන අද වැරදි මතයක් නිර්මාණය වෙලා

Shiran Viraj

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

Shiran Viraj
Translate »