27.2 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

කොළඹට ඇතුළු වන යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ වමෙන් යයි

කොළඹ නගරයට ඇතුළු වන යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ, වම්පස මංතීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් අද (16) කි‍්‍රයාත්මක වනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ කියා සිටියේ තෙවන දිනටත් අද ක්‍රියාත්මක මංතීරු නීතිය සාර්ථක වෙමින් ඇති බවයි.

වම්පස පළමු මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ගමන් කරවීමට ඉඩ සලස්වා ඇත්තේ මංතීරු නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරවීමෙන් කාර්යාල සහ පුද්ගලික ආයතන සඳහා පැමිණෙන කාර් රථ සහ වෑන් රථවලට ප්‍රමුඛත්වය ලබා දී ගමනාන්තය දක්වා පැමිණීමට ඉඩ සලස්වා දීම බවද සඳහන් කෙරුණා.

මෙම පෙරහුරුව කි‍්‍රයාත්මක කරන කාලසීමාවේදී අදාළ මංතීරුවේ බස් රථ නතර කරන විට ගැටළුවක් මතු නොවන්නේදැයි නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා. ඊට රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පිළිතුරු ලබා දුන්නා.

එහිදී පෙන්වා දුන්නේ, බස් රථයක් බස් නැවතුමෙහි නවත්වන විට දකුණු පසින් ඉස්සර කිරීමෙන් යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට ගමන් කිරීමට හැකියාව ඇති බවයි. බස් ප්‍රමුඛතා මංතීරුව පවතින්නේ උදෑසන 6 සිට 9 දක්වා බවත් අනෙකුත් කාලයේදීත් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ එම මංතීරුවේම ගමන් කරන බවත් සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ

Shiran Viraj

පාසල් සිසුවෙකු නිවාසකට හොර රහසේ ඇතුළු වී කළ දේ මෙන්න

Shiran Viraj

එජාප ඩිජිටල් වැඩපිළිවෙල අරඹමින් රනිල් රැස්වීම් 100ක් එකවර අමතයි

Shiran Viraj
Translate »