mediahumanrights.lk
Local NewsNews

වැලිකඩ සිරදඩුවම් විඳ නිදහස ලැබූ 62ක් ගැන විශේෂ අවධානය

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විඳ නිදහස ලැබූ පුද්ගලයින් 62 දෙනෙකු යළි බන්ධනාගාරයට කැදවීමට තීරණය කර තිබෙනවා.

මෙම පිරිස පළමු වරට වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග කටයුතු කළ අයයි. අදාළ පුද්ගලයා ඉකුත් ජූනි 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවේ ජූලි පළමු වැනිදා පැවැත්වුණු නඩු කටයුත්තකට ඉදිරිපත් කිරීමටයි.

පසුව ජූලි 7 වැනිදා සිදුකළ PCR පරීක්‍ෂණයකදි මෙම රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ අනුව මෙලෙස යළි කැඳවීමට තීරණය කර ඇති නිදහස ලැබූ පුද්ගලයින් 62 දෙනා අදාළ කාලය තුළ බන්ධනාගාරයේ රැදී සිටි අය බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 300 කට වැඩි පිරිසක් මේ වනවිටත් PCR පරීක්‍ෂණ සදහා ලක් කර අවසන්. වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ තවත් 242 දෙනෙකුද නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් රෝහල්ගත කෙරුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

IMF තුන්වැනි වාරිකයත් අනුමතයි…

Shiran Viraj

තැපැල් ගාස්තු ඉහළ දැමීමෙන් තැපැල් සේවාව කඩා වැටීමේ අවදානමක් පවතින බව මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි

Shiran Viraj

දිගින් දිගටම කනෙන් සැරව ගලනවාද?

Shiran Viraj
Translate »