28.4 C
Colombo
2026-07-08
mediahumanrights.lk
NewsSportsSports News

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡා

ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, එම කවුන්සිලයේ නිලධාරීන් අතර ඊයේ (10) පැවැති විශේෂ සාකච්ඡාවකදීයි. කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් පැවැත්වීමට හැකිදැයි තවදුරටත් අධ්‍යයනය කිරීමටයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ලබන වසරේදී නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා කි‍්‍රකට් තරගාවලිය පිළිබඳව ද තවදුරටත් සලකා බැලීමට ඊයේ පැවැති ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිල රැස්වීමේදී අවධානය යොමු වුණා.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ICC තරග කාලසටහනට අනුව ඕස්ටේ‍්‍රලියාවේදී ආරම්භවීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් මස 18 වැනිදායි.

මේ අතර කොරෝනා වසංගතයත් සමග කි‍්‍රකට් තරග නීති කිහිපයක් සංශෝධනය කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව යම් කී‍්‍රඩකයෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ හොත්, වෙනත් කී‍්‍රඩකයෙකු ඒ සඳහා ආදේශ කළ හැකියි. මෙම අවසරය ටෙස්ට් තරග සඳහා පමණක් ලබාදී තිබීම විශේෂත්වයක්.

කී‍්‍රඩකයින් ඛේටය යොදා පන්දුව පිරිමැදීම සිදුකළ හොත්, පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට දඬුවම් ලකුණු 05 ක් ලබාදීමට ද ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විනිසුරුවන්ට බලය පවරා තිබෙනවා.

Related posts

අද සිට අධිවේගී මාර්ගවල පසුපස අසුන්වලට ද ආසන පටි අනිවාර්යයි

Shiran Viraj

ක‍්‍රිකට් මහා පාවාදීමක්…

Shiran Viraj

Facebook භාවිත කිරීම හරහා ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ යයි

Shiran Viraj
Translate »