27.2 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

දහම් පාසල් ආරම්භ කිරීමට අවසර

කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් අදියර 03 ක් යටතේ ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල් ද මෙලෙස විවෘත කිරීමට තීරණය කළ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි ජූලි මස 12 වැනිදා සිට ආරම්භ කෙරෙනවා. දහම් පාසල්වල 03 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා ආරම්භ කෙරෙන්නේ ජූලි මස 26 වැනිදා සිටයි. කෙසේවෙතත් දහම් පාසල්වල 01 සහ 02 ශ්‍රේණි, පාසල් වල 01 සහ 02 ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන ඉරුදින ආරම්භ කෙරෙන බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මීතොටමුල්ලට අලුත් උපකරණයක්

Shiran Viraj

එජාපයෙන් චම්පිකට කැපිල්ලක් – එජාපෙ නාම යෝජනාවෙන් චම්පිකගේ කණ්ඩායම ගෙදර යවන ලකුණු

Shiran Viraj

ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 16 ඉක්මවයි

Shiran Viraj
Translate »