mediahumanrights.lk
International NewsNews

මෙල්බර්න් වෙළෙඳ සැලක් මතට යානයක් කඩා වැටෙයි

ඔස්ට්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සාප්පු සංකීර්ණයක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බීච්ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානයක් තස්මේනියා, කිංග් අයිලන්ඩ් වෙත ගමන් ඇරඹීමේදී මෙල්බර්න් හි එසෙන්ඩොන් ගුවන් තොටුපොළට නුදුරේදී මෙම අනතුර සිදුව ඇති තිබේ. මෙම අනතුරින් යානයේ ගමන්ගත් සංචාරකයන් සිවු දෙනෙකු හා 60 වැනි වියෙහි පසුවූ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේ වෙතත්, මෙම නියමුවා ගුවන් ගමන් රැසක් සිදුකර ඇති දක්ෂ නියමුවෙකු ලෙසද හඳුන්වා තිබේ.
යානයේ ගමන්ගත් කිසිවෙකුත් අනතුරින් දිවි ගලවාගෙන නැති අතර, යානය කඩා වැටීම නිසා ඒ අවට කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
තහවුරු නොකළ තොරතුරු පවසා තිබුණේ මියගිය දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බවයි. උදෑසන 9.00 ට පමණ මෙම අනතුර සිදුවීමත් සමග විශාල ගිනි ජාලාවක් සමග දුම් වළාවක් අහසට නැගුණු බවත්, යානය ගුවන්ගත කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවත් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
– ගොසිප්Cලංකා

Related posts

ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..

Shiran Viraj

අවුන් සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට හමුදා ප්‍රහාරයක්

Shiran Viraj

අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්

Shiran Viraj
Translate »