27.2 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

ගත වු පැය 24ට ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ

ගත වු පැය 24ක කාලය තුළ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ(16) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලබා පිටව ගිය මුළු සංඛ්‍යාව 68ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ වෛරසය ආසාදිතයින් 238 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 163 දෙනෙකු වෛද්‍යා අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් වෛරසය ආසාදිත වීමෙන් මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබේ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

Shiran Viraj

අද සිට සේවයට එන අයට ප්‍රවාහන පහසුකම් දෙන්න දුම්රිය සහ ලංගම සූදානම්

Shiran Viraj

කුණු කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්

Shiran Viraj
Translate »