mediahumanrights.lk
International NewsNews

චීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයි

චීනයේ සංචාරය කරනු ලැබූ කිසිදු විදේශිකයෙකුට සිය රටට ඇතුල්වීම තහනම් කරමින් අමෙරිකාව තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව චීනයේ සංචාරය කොට දින 14ක් නොඉක්මවූ කිසිදු විදේශිකයෙකුට තාවකාලික පදනම යටතේ අමෙරිකාවට ඇතුල්වීමට ඉඩ නොදෙන බවයි සෞඛ්‍ය සහ මානව ලේකම් ඇලෙක්ස් අසාර් ප්‍රකාශ කර සිටියේ.

චීනයේ ඇතුළු ලොව රටවල් 23 කින් වාර්තා වන නව කොරෝනා වෛරසය කුමන ආකාරයේ බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා නිවැරදි නිගමනයකට එළඹීමට නොහැකි වීම නිසාවෙන් බවයි සෞඛ්‍ය සහ මානව ලේකම් ඇලෙක්ස් අසාර් ප්‍රකාශ කලේ.

මෙම තහනම ඉරිදා සිට ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රුපියලේ කැපී පෙනෙන වර්ධනයක්. ඩොලරයේ විකුණුම් මිල රු. 191.71ක් දක්වා පහළට

Shiran Viraj

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කෙරේ

Shiran Viraj

ආගමික ස්ථානවලට සෝලා විදුලිය.. ආධාර ඉන්දියාවෙන්..

Shiran Viraj
Translate »