2026-01-22
mediahumanrights.lk
NewsPolitical

වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිවන විශේෂිත රෝහල ජනපතිගේ නිරීක්ෂණයට

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. වකුගඩු රෝගයෙන් පීඩා විදින දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව වෙනුවෙන් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙය ඉදි කෙරෙනවා. ඒ, පොළොන්නරුව මහ රෝහලට නුදුරින්.

ඇඳන් 204කින්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100කින්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීතම පහසුකම්වලින් සමන්විත මෙම රෝහල සදහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12ක්. අද පෙරවරුවේ රෝහල් පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එහි ඉදිකිරීම් පිළිබද සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මවට-පියාට හිරිහැර කළ පුතුන් 2ට වැඩ වරදී

Shiran Viraj

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන කඩිනම් කිරීමට ජනාධිපතිවරයාගෙන් උපදෙස්

Shiran Viraj

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය සැරසෙයි

Shiran Viraj
Translate »