mediahumanrights.lk
LIFELIFE NEWSNews

කේක් කන්නේ බලාගෙනයි

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට තබාගෙන අලෙවි කරන කේක්වල  ප්‍රමිතිය පිළිබද ගැටලුවක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

එබැවින් කේක් අලෙවි කරන සියලු වෙළඳුන් ශීතකරණවල හෝ වියළි සිසිල් ස්ථානවල ගබඩා කර කේක් අලෙවි කළ යුතු බව එම සංගමයේ සභාපති, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

කේක් මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය පිළිබඳ සැලකිලිමත් වීමට අමතරව
කේක්වල පිටත ස්වරූපය පිළිබඳ පාරීභෝගික ජනතාව අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා පැවසීය.

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට කේක් තබා අලවි කරන ස්ථාන දිනවල විශාල වශයෙන් දැකගත හැකි බවත්, දැඩි අව් රශ්මියට කේක් නිරාවරණය වීම හරහා එහි ප්‍රමිතිය වෙනස් විය හැකි බවත් පැවසූ සභාපතිවරයා, මේ පිළිබඳ ව්‍යාපාරිකයන් දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළේය.

අලුත් අවුරුදු සමය මූලික කර ගනිමින් සිදු කරන විශේෂ වැඩපිළිවෙළට අනුව මේ මස පළමුවැනිදා සිට හත්වැනිදා දක්වා කාලය  තුළ දිවයින පුරා මෙහයුම් 514ක් සිදුකර තිබෙන බවත්, එහිදී වෙළෙඳසැල් පන්සිය  හැත්තෑඅටකට අවවාද ලබාදී තිබෙන බවත්  පැවසූ ඒ මහතා, ස්ථාන 194කට නඩු පවරා තිබෙන බවත්, තවත් ස්ථාන 21කට මුද්‍රා තැබූ බවත් ප්‍රකාශ කළේය.

කේක් පිළිබඳ පැමිණිලිවලට අමතරව  පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳවද පැමිණිලි ලැබෙමින් තිබෙන බවත්, මීට අමතරව කල්  ඉකුත් වීමේ දින වෙනස් කිරිම හා පලතුරුවලට රසායනික ද්‍රව්‍ය යෙදීම පිළිබඳවද තම සංගමයට පැමිණිලි ලැබී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Shiran Viraj

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි

Shiran Viraj

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

Shiran Viraj
Translate »