25 C
Colombo
2026-02-12
mediahumanrights.lk
NewsPolitical

ගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..

මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තමන් සූදානම් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සූදානම් යයි පැවසීම ගැන තමන් සතුටට පත්වන බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

සති අන්ත රාවය පුවත්පත හා ඔහු අදහස් පල කර ඇත්තේ මෙසේය.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද?

අපේ රටේ ක්‍රමයයි වෙනත් රටවල ක්‍රමයි දෙකක්. ඇමරිකාවේ නම් පක්ෂය තුළ අපේක්ෂකයා වීමට අවුරුද්දක කාලයක් යනවා. ප්‍රයිමරිස් කියලා එංගලන්තේ වගේ ටවුන් හෝල් මීටින්ස් තියලා, ප්‍රශ්න අහලා, පක්ෂයේම කට්ටිය විවාද කරලා, අපේක්ෂකයා විවාදවලට සහභාගි වෙලා, ඒ දෙගොල්ල අතර, අපේක්ෂකයෝ අතර, විවාද කරලා තමයි පක්ෂයේ නාම යෝජනාවට අවස්ථාවක් ලැබෙන්නේ. හැබැයි ලංකාවේ එහෙම නෑ. අවසානය දක්වා ඒක රහසක් විදිහට තබා ගැනීම පක්ෂවල පුරුද්දක් වෙලා තියනවා.

සරත් ෆොන්සේකා මහත්තයා තරඟ වදින්නට මාසයකට ඉස්සෙල්ලා යුද හමුදාපතිවරයා වෙලා හිටියා. එයින් අස්වෙලා තරඟ වැදුණා. එතකන් කවුරුවත් ඒ අපේක්ෂකයා ගැන දන්නේ නෑ. ප්‍රේමදාස මහත්තයා නම් කළෙත් අවසන් මොහොතේ සම්මේලනයක් තියලා. ඒ වෙනකොට ලලිත් ඇතුලත්මුදලි එනවා… ගාමිණී දිසානායක එනවා… කියලා ලොකු රාවයන් තිබුණා. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කළෙත් “අනුර බණ්ඩාරනායක ද? මහින්ද රාජපක්ෂ ද?” කියලා ලොකු වාදයක් අවසන් මොහොත වෙනකම් ගිහින්. ඒ ලංකාවේ ක්‍රමය. ඒ නිසා ඒ අනුව සුදුස්සා එළියට ඒමත් සුදුසු කාලයක සිද්ධ විය යුතුයි කියන මතයේ පක්ෂ නායකත්වයේ හුඟ දෙනෙක් ඉන්නේ. තාම ඒ කාලය ඇවිල්ලා නෑ.

ඇමරිකානු පුරවැසියකුත් වන ඔබගේ මතයත් ඔය කියන පක්ෂ නායකයන්ගේ මතයමද?

ඒ මතය නෙවෙයි, මගේ තියෙන්නේ. ජනතාවට තමුන්ගේ නායකයා කවුද කියන එක තීරණය කරන්න කල් ඇතිවම අවස්ථාව, අයිතිය තියෙන්න ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය තුළ ඉස්සෙල්ලාම තෝරාගන්නේ පුද්ගලයෙක්. එහෙම වෙලාවට හදිසියේ පුද්ගලයෙක් ඉදිරිපත්වීමෙන් ජනතාව නොමඟ යන්න පුළුවන්. පහුගිය සැරේ වුණේ ඒකනේ. ඒ නිසා මම සන්තෝෂ වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමුන් ඉදිරිපත් වෙන්න සූදානම් කියන එක කලින්ම ජනතාවට දැනුම් දීපු එක ගැන. එතකොට එතුමාටත් ජනතාවගේ අදහස් ගන්න පුළුවන්. ජනතාවටත් ඔහු ගැන සලකා බලන්න පුළුවන්.

පොදු ජන පෙරමුණට ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තියාගන්න

Related posts

ආර්ථික කණ්ඩායම දෙකට බෙදිලා.. බැසිල් එක මතයක.. කබ්රාල් තව මතයක.. කබ්රාල් ධුරයෙන් ඉවතට යයි තොරතුරු…

Shiran Viraj

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

Shiran Viraj

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන චන්දිමාල් පිළිතුරු දෙයි

Shiran Viraj
Translate »