mediahumanrights.lk
News Sports Sports News

ආසියානු කුසලානය වෙනුවෙන් අදත් සිංහයන් තරග වදියි

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ තවත් තරග
දෙකක් අද පැවැත්වෙයි.

ඉන් එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

අනෙක් තරගය ඉන්දියාව හා ඕමානය අතර අද කොළඹදී පැවැත්වෙයි.

ඊයේ දිනයේදී  ද ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා ඕමාන නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර
පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 109කින් ජයග්‍රහණය කලේය.

මේ අතර ඉන්දීය හා ඇෆ්ගනිස්ථාන නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන්
ලකුණු 74කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. 
(under the courtesy of adaderana.lk news web)

Related posts

‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්න

Shiran Viraj

ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

Shiran Viraj

"කසල එකතු කරන්න හමුදාව දෙන්නේ නැහැ"

Shiran Viraj