mediahumanrights.lk
Local NewsNews

ප්‍රදේශ කිහිපයකට සවස 4 වෙනකම් වතුර නෑ

අද(10) දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවැසීය.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජල මාර්ගයේ අත්‍යවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවා ඇති බව සඳහන් වෙයි.

දෙහිවල – ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, කොළඹ 06,  මුල්ලේරියාව හා පැලවත්ත යන ප්‍රදේශවලට අද(10) සවස 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වෙයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ එම කාලය තුළ කොළඹ 4 හා 5 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සැපයෙන බවයි .

(under the courtesy of adaderana.lk news web)

Related posts

සමාජ සාධරණත්වය තහවුරු කරන්න රජය කැපවෙනවා

Shiran Viraj

දේශබන්දු යලි රිමාන්ඩ්..

Shiran Viraj

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

Shiran Viraj
Translate »