mediahumanrights.lk
International NewsNews

ඉන්දියානු සාගර සමුළුව අද ඇරඹෙයි

ඉන්දියානු සාගර ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගර විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු අභිලාශ හා ගැටළුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් ඉන්දියානු සාගර සමුළුව අද(11) අරලියගහ මන්දිරයේදී ආරම්භ වීමට නියමිතයි.
“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” යන තේමාව යටතේ මෙම සමුළුව අද සහ හෙට(12) මෙය පැවැත්වීමට නියමිතයි.
සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වනු ලබන අතර ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලබයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත, තානාපති පීටර් තොම්සන් මහතා ද සමාරම්භක සැසිවාරය ඇමතීමට නියමිතයි.
ගෝලීය වෙළඳාමට සහ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරමින් ලොව තෙල් නෞකාවලින් තුනෙන් දෙකක් සහ තොග භාණ්ඩ රැගෙන යන නෞකාවලින් තුනෙන් එකක් යාත්‍රා කරන ඉන්දියානු සාගරය ලොව වඩාත් කාර්යබහුල හා තීරණාත්මක වෙළඳ මාර්ගයක් බවට පත්ව තිබේ.
ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවලට සහ එම සාගරය බහුලව භාවිතා කරන රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටළුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම හා සියලු දෙනාගේ යහපතට හේතුවන පරිදි අවබෝධාත්මක ලෙස කටයුතු කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි.
කලාපය හමුවේ ඇති ප්‍රබල අභියෝග අවස්ථා තේමා කරගත් කරුණු 04ක් පිළිබඳව මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තාක්ෂණයේ නැවුම් පෙරළියක්..!! දුර ඉඳන් ආදරය කරන අයට ජංගම දුරකතනයෙන් හාදු දෙන අලුත්ම තාක්ෂණය නිකුත් වේ..!!

Shiran Viraj

මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Shiran Viraj

වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..

Shiran Viraj
Translate »