28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

යාපනයේ ගැටුමකින් වෙළඳ සැළකට හානි

යාපනය, කොණ්ඩාවිල් ප්‍රදේශයේ රසකැවිලි විකුණු වෙළඳ සැළකට යාපනය කල්ලි සාමාජිකයින් පහරදී වෙළඳසැළ කඩා දමා ඇති බව යාපනය කෝපායි පොලීසිය පවසයි.
ඊයේ(09) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ යතුරුපැදි දෙකකින් කඩු රැගෙන පැමිණි කණ්ඩායමක් වෙළඳ සැළට පහරදී අලාභ හානි සිදුකොට ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.
අදාළ යතුරුපැදි කල්ලිය මුහුණු ආවරණය කර ගනිමින් පැමිණ ඇති අතර, පැමිණි කණ්ඩායම හදුනාගෙන නොමැති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසුවේ සිදුවීමෙන් පුද්ගල තුවාල සිදුවීම් වාර්තා වි නොමැති අතර, වෙළඳ සැළ වෙත පහරදී අලාභ හානි සිදුකළ පිරිස සොයා පරීක්ෂණ මෙහෙයවන බවයි.
යාපනය කෝපායි, චුන්නාකම්, යාපනය,අච්චුවේලි ආදි ප‍්‍රදේශ පුරා යාපනය කල්ලි සාමාජික ගැටුම් නිරත පවතින අතර, අදාළ කල්ලි සාමාජිකයින් විසින් මෙලෙස පහරදීම් සිදුකරන්නට ඇති බවට යාපනය ආරක්ෂක අංශ සැක පළ කරති.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(ඡායාරූප-මාධව කුළසූරිය‍

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

Shiran Viraj

ප‍්‍රධානම සමාගම කොටස් වෙලදපලෙන් ඉවත් වේ…

Shiran Viraj

තිසර එංගලන්තයට යන්න නියමිතයි

Shiran Viraj
Translate »