mediahumanrights.lk
Local NewsNews

මාතලේ කළුගඟ ආශ්‍රිතව මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිවෙයි

මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශය අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට රජය කටයුතු සූදානම් කර ඇත. මේ සඳහා අවශ්‍ය බිම් කොටස දැනටමත් වෙන් කර ඇති අතර, මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ එකඟතාව ද ඒ සඳහා හිමිව තිබේ. වනජීවී දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර් 150ක විශාලත්වයකින් යුත් භූමියක් තෝරාගෙන ඇත්තේ සතුන්ට අවශ්‍ය ජලය, ආහාර සහ ස්වාභාවික ආරක්ෂාව එම ප්‍රදේශයේ මැනවින් පවතින බැවිනි.

මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 283.87ක මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත. වගා හානි සිදු කරන රිළවුන් අල්ලා මෙම කලාපයට මුදාහැරීමට නියමිත අතර, උන්ගේ ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු සතුන්ට ලූපයක් පැළඳවීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ද අනුගමනය කිරීමට සැලසුම් කර තිබේ. රැඳවුම් මධ්‍යස්ථානයෙන් සතුන් පිටතට යාම වැළැක්වීම සඳහා ආරක්ෂිත වැටවල් ඉදිකරන අතර, වනාන්තරය තුළ පවතින ආහාර ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී පිටතින් ආහාර සැපයීමට ද විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

Related posts

අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයි

Shiran Viraj

විමල්ලාගේ විසදුම් වැඩක් නෑ.. හොරා කෑ සල්ලි රටට දී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්විය යුතුයි..

Shiran Viraj

මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..

Shiran Viraj
Translate »