mediahumanrights.lk
Local NewsNews

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

පාසල් සිසු ප්‍රවාහන සේවය වඩාත් විධිමත් සහ ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. පාසල් සිසුන් ප්‍රවාහනය විධිමත් කිරීමේ බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැවරී ඇති අතර, ඒ සඳහා සකස් කර ඇති නව රෙගුලාසි කෙටුම්පත් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් ප්‍රතිසංවිධානය කිරීමේදී පැන නගින ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සහ පවතින ගැටලු අවම කරමින් “සිසු සැරිය” සේවාව වඩාත් ඵලදායී ලෙස යොදවා ගැනීම කෙරෙහි සාකච්ඡාවේදී ප්‍රමුඛතාව හිමි විය. විශේෂයෙන්ම ළමා ආරක්ෂණය තහවුරු කරමින් පාසල් දරුවන් ප්‍රවාහනයේදී සිදුවන අපයෝජන සහ හිරිහැර වැළැක්වීමට මෙන්ම, ප්‍රවාහන සේවයේ නියුතු වූවන්ගේ වෘත්තීයමයභාවය සහ වගකීම වැඩිදියුණු කිරීමට අවශ්‍ය නීති රෙගුලාසි හඳුන්වා දීමට ද තීරණය කෙරිණි.

මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ළමා ආරක්ෂණ අධිකාරිය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු අදාළ ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Related posts

වෛද්‍ය පාදෙණියට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

Shiran Viraj

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

Shiran Viraj

ජොකීවරුන් 5ක් තහනමට: වින්ඩ්සර් අශ්ව රේස් තරගයේදී අනතුරක්

Shiran Viraj
Translate »