31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNewsPolitical

නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්

කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවාස කිහිපයක් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් කිහිපදෙනෙකු වෙත ලබාදීමට අනුමත කරමින් ලිපි නිකුත් කිරීමේ චෝදනාවකට අදාළව, ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මෙම මස 13 වැනිදා කොමිසම වෙත කැඳවා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ මෙම සිදුවීම සිදුව ඇති බවට විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇත. මීට අමතරව, හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයකු ද වන මොහාන් පීරිස් මහතාට ද මෙම පරීක්ෂණයට අදාළව කරුණු විමසීම සඳහා එළඹෙන 16 වැනිදා කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

අදාළ නීතිවිරෝධී ලිපි නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන ලිඛිත නිවේදනය පසුගිය සිකුරාදා (6) හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර, ඉදිරි දිනවලදී මේ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් කිරීමට නියමිතය.

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ස්වාධීන විමර්ශනයක්

Shiran Viraj

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Shiran Viraj

ඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..

Shiran Viraj
Translate »