27.2 C
Colombo
2026-02-24
mediahumanrights.lk
Local NewsNewsPolitical

දික්වැල්ල සහ මහව සමූපකාර නිලවරණවලින් ඒකාබද්ධ පොදු විපක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක්

දික්වැල්ල සහ මහව විවිධ සේවා සමූපකාර සමිතිවල කාරක සභා නිලවරණවලින් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයේදී පාලක ජාතික ජන බලවේගය අභිබවා බහුතර බලය තහවුරු කර ගැනීමට පොදු විපක්ෂය සමත් විය. ප්‍රාදේශික මට්ටමෙන් පැවැති ඡන්ද විමසීමේදී පොදු විපක්ෂය ඡන්ද 35ක් ලබා ගන්නා විට, ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ඡන්ද 19ක් පමණි.

එසේම, මහ සභා නියෝජිතයන් තේරීමේදී ද පොදු විපක්ෂය කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර, සමස්ත නියෝජිතයන් 98 දෙනාගෙන් 70 දෙනෙකුගේම සහය දිනා ගැනීමට ඔවුන් සමත් විය. එහිදී ජාතික ජන බලවේගයට හිමිවූයේ නියෝජිත ධුර 28ක් පමණක් බව වාර්තා වේ. මෙම ප්‍රතිඵලය හරහා දික්වැල්ල ප්‍රදේශයේ සමූපකාර පද්ධතියේ පාලන බලය විපක්ෂය සතු වී තිබේ.

මේ අතර මහව සමූපකාර සමිතිය සඳහා පැවැති නිලවරණයෙන් ද ඒකාබද්ධ පොදු විපක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර ඇත. එහිදී ඒකාබද්ධ පොදු විපක්ෂය නියෝජිත ධුර 82ක් ජයග්‍රහණය කරන විට, ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායමට ජයගත හැකි වූයේ නියෝජිත ධුර 18ක් පමණි. මෑත කාලීනව පැවැති සමූපකාර නිලවරණ රැසකදීම විපක්ෂ කණ්ඩායම් මෙලෙස ජයග්‍රහණය කිරීම දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්ව ඇති කරුණකි.

Related posts

මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට

Shiran Viraj

දින 50කට ආසන්නව වසා තිබුණු සරසවි අද යළි ඇර‍ඹෙයි

Shiran Viraj

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

Shiran Viraj
Translate »