mediahumanrights.lk
NewsPolitical

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය ෂානක්කියන් රාසමාණික්කම් මහතාට

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා වෙත පවරා තිබේ. පක්ෂයේ මහලේකම් එම්. ඒ. සුමන්තිරන් සහ සභාපති සී. වී. කේ. සිවඥානම් යන මහත්වරුන් විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තු බලධාරීන් නිල වශයෙන් දැනුවත් කර ඇත. මීට පෙර එම ධුරය හෙබවූ එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එම තනතුරෙන් ඉවත් කිරීමත් සමඟ මෙම නව පත්කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ පක්ෂයේ පොදු එකඟතාවන්ගෙන් බැහැරව කටයුතු කිරීම බව සඳහන් වේ. පක්ෂයේ මූලධර්ම හා ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් නායකත්වයේ විශ්වාසය පළුදු වීම මත මෙම සංශෝධනය සිදුකර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි. මෑතකාලීන දේශපාලන තීරණ ගැනීමේදී පක්ෂය තුළ ඇති වූ යම් යම් මතභේදාත්මක තත්ත්වයන් මෙම නායකත්ව වෙනස කෙරෙහි ඍජුවම බලපා ඇති බව පෙනී යයි.

Related posts

ලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ.. මැතිවරණ කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..

Shiran Viraj

එළවලු මිල වැඩි වෙයි.

Shiran Viraj

Camping spots in Yosemite for an offbeat, adventure travel

Shiran Viraj
Translate »