2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමල් වීරවංශට සහ ස්වර්ණවාහිනියට එන්තරවාසි

තමන්ට එරෙහිව අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් සහ එම ප්‍රකාශය ප්‍රචාරය කළ ස්වර්ණවාහිනී නාලිකාවෙන් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යැවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කටයුතු කර තිබේ.

පසුගිය පෙබරවාරි 06 වනදා පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමකදී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර ඇත්තේ, අමාත්‍යවරයා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් (Credit Card) භාවිත කරමින් ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවයි. මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බවත්, තම කීර්ති නාමයට ද්වේශසහගත ලෙස හානි කිරීමේ අරමුණින් මෙය සිදු කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමෙන්ම ස්වර්ණවාහිනී නාලිකාව විසින් පෙබරවාරි 07 වනදා සිය ප්‍රවෘත්ති විකාශය හරහා “Story of the Day” විශේෂාංගය යටතේ මෙම පුවත ප්‍රචාරය කර ඇත්තේ අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ කිසිදු විමසීමක් හෝ කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදී බවට ද චෝදනා එල්ල වේ. ඒ අනුව සිය නීතිඥවරයා මාර්ගයෙන් විමල් වීරවංශ මහතාට සහ ස්වර්ණවාහිනිය අයත් Ben Holdings හා EAP Broadcasting යන ආයතන වෙත මෙම එන්තරවාසි යොමු කර ඇති අතර, අදාළ වන්දි මුදල් නොගෙවන්නේ නම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද දන්වා ඇත.

Related posts

උෂ්ණ කාලගුණය මැයි දක්වා පවතියි-අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Shiran Viraj

199ක් ගත් පුංචි හපනුන් දෙදෙනෙක්

Shiran Viraj

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ FCID හමුවට

Shiran Viraj
Translate »