2026-02-24
mediahumanrights.lk
Local NewsNews

ව්‍යවස්ථා සභාවේ පත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතාගෙන් දැඩි විවේචනයක්

ව්‍යවස්ථා සභාව වෙත අලුත් “කැණිල හිඟන්නෙකු” එවා ඇතැයි ලන්ඩනයේ වෙසෙන ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා පවසයි. සිය සමාජ ජාල ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රශ්න කර සිටින්නේ “කැලණි හිඟන්නෝ” යන යෙදුම ඉතිහාසය පුරා නිර්මාණය වූයේ කෙසේද යන්නයි. වර්තමානය වන විට සෑම තැනකම මෙම තත්ත්වය දක්නට ලැබෙන බව පෙන්වා දෙන ඔහු, ව්‍යවස්ථා සභාවට යෝජිත නව පත්වීම් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද සඳහන් කරයි.

මෙම පත්වීම් පිටුපස “ඥාති මිත්‍ර සංග්‍රහය” හෙවත් Nepotism පවතින බවට චෝදනා කරන කුරුකුලසූරිය මහතා, වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ද දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත. ජනාධිපතිවරයාට දැන් ලැජ්ජාව හෝ බය වැනි හැඟීම් නොමැති බවත්, කාලයත් සමඟ ඔහු සතුව ඇතැයි සැලකෙන “අහිංසකකම” වැනි ගුණාංග ද ගිලිහී යනු ඇති බවත් ඔහු සිය සටහනෙහි වැඩිදුරටත් දක්වා තිබේ. රජයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් නිර්දේශ කිරීමේදී අනුගමනය කරන විනිවිදභාවය පිළිබඳව ඔහු මෙමඟින් ප්‍රශ්න කර සිටියි.

Related posts

නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයි

Shiran Viraj

කොට්ටාවේ තරුණියගේ ඝාතනය ගැන සැකකරු පාපොච්චාරණයක

Shiran Viraj

කොරෝනාවෙන් කොළඹ වරාය අකර්මන්ය වෙයි?

Shiran Viraj
Translate »