mediahumanrights.lk
Local NewsNews

පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ දේහය රැගෙන යාපනයේදී දැවැන්ත විරෝධතාවක්

යාපනය, වඩුක්කෝඩෙයි ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතය අහිමි වූ 17 හැවිරිදි තරුණයාගේ මරණයට යුක්තිය ඉල්ලා ඔහුගේ හිතවතුන් සහ ප්‍රදේශවාසීන් අද (12) දේහය රැගෙන විරෝධතාවයක නිරත විය. වඩුක්කෝඩෙයි ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දියත් වූ මෙම විරෝධතාවය හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ අතර, තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම්කාරී වාතාවරණයක් හටගත්තේය.

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මෙම තරුණයා මියගිය අතර, එම ක්‍රියාව අසාධාරණ බව පවසමින් විරෝධතාකරුවෝ සිය විරෝධය පළ කළහ. අද දින ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබියදී මෙලෙස දේහය ප්‍රධාන මාර්ගයට රැගෙන විත් විරෝධතාවයේ නිරත වීම විශේෂත්වයකි.

Related posts

විදෙස් රටක හිටපු ජනපතිවරයෙකුගේ දියණියක් කළ දැවැන්ත සූරාකෑමක් ගැන තොරතුරු

Shiran Viraj

ජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටි

Shiran Viraj

Shiran Viraj
Translate »