33.4 C
Colombo
2026-02-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

ආණ්ඩුව යනු රාජ්‍යයේ සේවකයා මිස එහි හිමිකරු නොවන බව සංජීව එදිරිමාන්න මහතා අවධාරණය කරයි

බලයේ සිටින ආණ්ඩුව පැරදවීමට හෝ විසුරුවා හැරීමට හැකි වුවද, රාජ්‍යය එසේ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රාජ්‍යය තමන් සතු විය යුතු යැයි ආණ්ඩුවක් විශ්වාස කරන්නේ නම් එය ආඥාදායකත්වයේ ලක්ෂණයක් බවයි. ප්‍රංශයේ 14 වැනි ලුවී රජුගේ “රාජ්‍යය යනු මමය” යන ප්‍රකාශය උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව ද එවැනිම විකෘති මානසිකත්වයකින් කටයුතු කරන බවයි.

රටේ සියලු පුරවැසියන් රාජ්‍යයේ සාමාජිකයන් වුවද, ඔවුන් සියලු දෙනා ආණ්ඩුවේ සාමාජිකයන් නොවන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. “ආණ්ඩුව කියන්නේ රාජ්‍ය නමැති ස්වාමියාගේ සේවකයා. රාජ්‍යයේ සහ මහජනතාවගේ කැමැත්ත ප්‍රතිපත්ති බවට පරිවර්තනය කර එය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ රාජකාරියයි,” යනුවෙන් ඔහු පැවසීය. නමුත් වත්මන් ආණ්ඩුව රාජ්‍ය බලය අවභාවිත කරමින් ප්‍රතිවාදීන් බියගැන්වීමට සහ ආයතනික ප්‍රධානීන් තම දේශපාලන මතයට නැමුණේ නැතිනම් ඔවුන්ට රාජකාරි කිරීමට ඉඩ නොදෙන තත්ත්වයක් නිර්මාණය කර ඇති බවට ඔහු චෝදනා කළේය.

ජනතාවට ලබාදෙන සහන චෙක්පත් ප්‍රතික්ෂේප වීම වැනි සිදුවීම් හරහා රජය ජනතාව රවටන බවත්, තමන් යටතේ දේශපාලන ප්‍රතිමත නැති සමාජයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත් එදිරිමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්ගේ හැසිරීම් හරහා ඔවුන් රාජ්‍යය තමන් සතු පෞද්ගලික දේපළක් ලෙස සලකන බව මනාව පැහැදිලි වන බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..

Shiran Viraj

‘ගාමණී’ චිත්‍රප‍ටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්

Shiran Viraj

දකුණේ ශාන්ටත් වැඩ වරදියි.. පළාත් සභාවට විශ්වාස බංගයක්..

Shiran Viraj
Translate »