30.6 C
Colombo
2026-08-31
mediahumanrights.lk
Local NewsNewsPolitical

මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව අගය කරන බවත්, එම දඬුවමම එදින පාර්ලිමේන්තු සංකීර්ණය ගිනිබත් කිරීමට උත්සාහ කළ පිරිසට ද ලබාදිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය. අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අරගල සමයේ සිදුවූ එම කුමන්ත්‍රණය පිටුපස වත්මන් රජයේ සිටින ඇතැම් අමාත්‍යවරුන් පවා සිටි බවට මරික්කාර් මහතා මෙහිදී බරපතළ චෝදනාවක් එල්ල කළේය. ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ සියලු දෙනාට එරෙහිව නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, රාජ්‍ය දේපළ විනාශ කිරීමට සහ මන්ත්‍රීවරුන් ඝාතනය කිරීමට මෙහෙයවූවන් කවුරුන් වුවද ඔවුන්ට දඬුවම් ලැබිය යුතු බව අවධාරණය කළේය.

Related posts

චන්දි ප්‍රමුඛ සිංහ පැටවුන් අබුඩාබි වැලි කතරේ දස්කම් දක්වති , විජයග්‍රහනයෙන් බුකිය ඇවිලුනේ මෙහෙමයි .! (PHOTOS)

Shiran Viraj

මැතිවරණය පැවැත්වීමට තත්වය සුදුසුයි.. මැතිවරණය ඉක්මනින් පවත්වන්න.. විරුද්ද පෙත්සම් නීති විරෝධීයි..- නීතිපති උපරිමාධිකරණයට කියයි..

Shiran Viraj

වාදපිටියේ විපතක්.. මාලිමා දෙකක් එක මිටට ගනී.. ‘බෑ කියන්නෙම නෑ..’ ලක්මාලි SB තියරියට පසු බසී..

Shiran Viraj
Translate »