mediahumanrights.lk
Local NewsNews

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ ගැටලු විසඳීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මුහුණ දී සිටින භෞතික සහ පරිපාලනමය ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කළ ඉල්ලීමකට අනුව මෙම හමුව සංවිධානය කර තිබුණි.

මෙහිදී කොමිෂන් සභාවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට බාධාවක්ව පවතින ගැටලු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, එම ගැටලුවලින් බහුතරයකට එසැණින් විසඳුම් ලබා ගැනීමට අවස්ථාව උදා වූ බව වාර්තා වේ. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මෙම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ පහසුකම් තහවුරු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිලධාරිනියන් වන චමින්ද්‍රානී කිරිඇල්ල, සමන්මලී ගුණසිංහ, හේමාලී වීරසේකර ඇතුළු මන්ත්‍රීවරියන් පිරිසක් සහභාගී වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ කොමසාරිස්වරියන්, අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම ජාතික අයවැය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් උසස් නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.

Related posts

චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..

Shiran Viraj

පොළොන්නරුවෙන් මෛත්‍රිපාල සිරිසේන පළමු තැනට

Shiran Viraj

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකා…

Shiran Viraj
Translate »