mediahumanrights.lk
Local NewsNewsPolitical

ලාල්කාන්ත මහතාගේ “වනචාරියා” ප්‍රකාශයෙන් කිසිවකු නම් කර නැති බව රජය පවසයි

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් සිදුකළ බව කියන “වනචාරියා” ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, අදාළ ප්‍රකාශය මගින් කිසිදු පුද්ගලයෙකු හෝ ස්වාමීන් වහන්සේ නමක් විශේෂයෙන් නම් කර නොමැති බවයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අමාත්‍ය ලාල්කාන්ත මහතා මිහින්තලේ නායක හිමියන්ට අපහාස කළ බවටත්, රජය එය අනුමත කරන්නේද යන්නත් මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ලාල්කාන්ත අමාත්‍යවරයා හෝ තමා කිසිවෙකුට එවැනි චෝදනාවක් එල්ල කර නොමැති බවයි. ලාල්කාන්ත මහතාගේ ආසනය වන මිහින්තලේ 75,000ක් පමණ ඡන්දදායකයන් සිටින බවත්, එම පිරිස අතරින් අමාත්‍යවරයා අදහස් කළේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් ඔහු කීය. යම් හෙයකින් එම ප්‍රකාශය තමන්ට සිදුකළ බව හැඟෙන අයෙක් සිටී නම්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ලාල්කාන්ත මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙහි “තවත් වනචාරීන් දුටුවෙමි” යනුවෙන් පළ කර ඇති සටහන පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරුණි. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේ අමාත්‍යවරයා යම් පුද්ගලයෙකු ගැන අදහසක් සිතේ තබාගෙන සිටින්නට ඇති බවත්, එය වෙනත් අයෙකු ලෙස වරදවා වටහා නොගත යුතු බවත්ය. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ විවිධ පාර්ශ්වයන් සිය විරෝධය පළ කරමින් සිටිති.

Related posts

ආපදා තත්ත්වයත් සමඟ එළවළු මිල අසාමාන්‍ය ලෙස ඉහළට: කැරට් 4000 දක්වා, ලීක්ස් 3200 දක්වා

Shiran Viraj

නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමති

Shiran Viraj

ඇමති අලි සබ්රිගේ ප්‍රකාශය උද්දච්චයි, ජන වරම හෑල්ලුවට ලක් කරනවා – ජාතික සංවිධාන වලින් චෝදනා

Shiran Viraj
Translate »