31.7 C
Colombo
2026-03-02
mediahumanrights.lk
Local NewsNewsPolitical

අධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය සබැඳියක් එක් කළ අයට දඬුවම් දීමට පැකිළෙන්නේ නැති බව අගමැතිනිය පවසයි

ආන්දෝලනයට ලක්ව ඇති 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. විපක්ෂ මන්ත්‍රීවරුන් නැගූ චෝදනාවලට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ මෙම සිද්ධිය පිළිබඳව දැනගත් වහාම විමර්ශනයක් ආරම්භ කළ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවක් සැඟවීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත්ය.

මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ විනය පාලනය පිළිබඳ බලය පැවරී ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනයට බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එම ආයතනයේ සභාව සමඟ සාකච්ඡා කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළාය. වැරැද්ද නිවැරදි කර ගැනීමට මෙන්ම මෙය සිදු වූ ආකාරය පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීමට රජය කැපවී සිටින බවත්, වරදකරුවන්ට දඬුවම් පැමිණවීමේදී තරාතිරම නොබලා කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජය තුළ අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි. මතභේදාත්මක මොඩියුලය නිවැරදි කර ජනවාරි 21 වැනිදා වන විට හය ශ්‍රේණියේ දරුවන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය සභාවට දන්වා සිටියාය.

Related posts

ඩයනා ගමගේ නෙරපා දමයි..

Shiran Viraj

අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා

Shiran Viraj

ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයි

Shiran Viraj
Translate »