32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමත් සමඟ විමල් වීරවංශ ඇතුළු පිරිසගේ සත්‍යග්‍රහය අවසන් වෙයි

හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල් දැමීමට රජය තීරණය කිරීමත් සමඟ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ පිරිසක් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය නතර කර තිබේ. රජය විසින් මෙම වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීම සිය අරගලයේ ජයග්‍රහණයක් ලෙස සලකමින් සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිස සිය විරෝධතා ව්‍යාපාරය මෙලෙස අවසන් කිරීමට පියවර ගත්හ.

පසුගිය දින කිහිපය පුරා ක්‍රියාත්මක වූ මෙම විරෝධතාවයේ ප්‍රධාන ඉල්ලීම් වූයේ අදාළ අධ්‍යාපන විධිවිධාන වහාම අහෝසි කිරීම සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. රජය විසින් එකී ප්‍රතිසංස්කරණ අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ සත්‍යග්‍රහය අවසන් කෙරුණු අතර, එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ජයඝෝෂා පවත්වමින් සහ රතිඤ්ඤා දල්වමින් සිය ප්‍රීතිය පළ කළහ.

Related posts

අදත් හවසට තද වැසි

Shiran Viraj

ට‍්‍රම්ප් – ඔබාමා දුරකතන අවුල දුරදිග යයි

Shiran Viraj

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයි

Shiran Viraj
Translate »