2026-02-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එන්තරවාසිය පිළිබඳව උවිදු කුරුකුළසූරියගෙන් විවේචනාත්මක අදහස්

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා වෙත රුපියල් බිලියනයක අපහාස වන්දියක් ඉල්ලමින් යොමු කළ එන්තරවාසිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිදු කුරුකුළසූරිය මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දක්වා තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් උද්යෝගයෙන් පසුවුවද, ධර්ම ශ්‍රී කාරියවසම් මහතා යනු එම පක්ෂයේම ‘ලංකා’ පුවත්පතේ ප්‍රථම කර්තෘවරයා ලෙස වසර පහක් කටයුතු කළ පුද්ගලයා බව ඔහු පෙන්වා දෙයි.

උවිදු කුරුකුළසූරිය මහතා සිය සටහන මගින් පවසන්නේ ‘ලංකා’ පුවත්පතේ ඉතිහාසය පුරා එවැනි එන්තරවාසි රැසක් ලැබී ඇති බවත්, එම පුවත්පත හරහා ද විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වූ අවස්ථා තිබූ බවත්ය. එබැවින් මෙම ගැටලුව සඳහා අධිකරණ මගට අවතීර්ණ වීම කාලය සහ මුදල් විනාශ වන නිෂ්ඵල ක්‍රියාවක් ලෙස හඳුන්වන ඔහු, නඩු මගට නොගොස් දෙපාර්ශ්වය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්‍රශ්නය විසඳා ගත යුතු බව යෝජනා කරයි.

තමන් මීට පෙර පළ කළ සටහනක ‘නඩු කියමු කාරි’ යනුවෙන් සඳහන් කළේ අදාළ එන්තරවාසියෙහි ද වැරදි පවතින බව පෙන්වා දීමට මිස නඩු කීමට උල්පන්දම් දීමට නොවන බවත්, එය උපහාසයෙන් පැවසූවක් බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කරයි. මෙම අර්බුදය සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශ්වය අතර යම් එකඟතාවක් ඇති වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද උවිදු කුරුකුළසූරිය මහතා සඳහන් කරයි.

Related posts

ඩොලර් නෑ.. චීනය-ඉන්දියාව-ඔස්ට්‍රේලියාව ආදී රටවල් ලංකාවට ආහාර සැපයීම සීමා කරයි.. ආහාර හිගයක් අතේ දුරින්..

Shiran Viraj

රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම නතර කෙරේ

Shiran Viraj

ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්..

Shiran Viraj
Translate »