හයවන ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයේ අසම්මත වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් ඇති වූ දැඩි සමාජ විවේචන හමුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අග්‍රාමාත්‍යවරිය විසින් ලබාදුන් උපදෙස් මත ඇය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයකට මෙවැනි අන්තර්ගතයන් ඇතුළත් කිරීමේදී සිදුව ඇති අත්වැරදීම් සහ නිලධාරීන්ගේ වගකීම් විරහිතභාවය පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. එම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඇය මෙලෙස ධුරයෙන් ඉවත් වී සිටීමට පියවර ගෙන තිබේ.

