mediahumanrights.lk
Local NewsNews

පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අනුමැතිය

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අයත් මොනරාගල පිහිටි පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ හඳුනාගත් සුවිශේෂී ස්ථාන සංචාරක කලාප ලෙස දියුණු කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව නිරීක්ෂණය වීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට නියමිතය. මේ වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම් (EOI) කැඳවීමටත්, ඉන් සුදුසුකම් ලබන ආයෝජකයන් වෙතින් සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනා ලබා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව හරහා කර්මාන්ත ශාලා භූමියේ පවතින අතිරික්ත සම්පත් ඵලදායී ලෙස සංචාරක කර්මාන්තය වෙනුවෙන් යොදා ගැනීමට අපේක්ෂිතය. එමඟින් ප්‍රදේශයේ ආර්ථිකයට නව පණක් ලැබෙනු ඇති අතර, රජයට ද අමතර ආදායම් මාර්ගයක් උදා කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ.

Related posts

ලාංකිකයින් 06 ක් ඩුබාහි දී අත්අඩංගුවට

Shiran Viraj

කොළඹ කොටස් වෙළෙඳපොළට අඳුරු දවසක්: දර්ශක දෙකම දැඩි ලෙස පහළට

Shiran Viraj

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්

Shiran Viraj
Translate »