2026-02-10
mediahumanrights.lk
Local NewsNews

නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයාව වැඳපුදා ගනී

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. එහිදී බුද්ධගයා විහාර ලේකම් ආචාර්ය මහාශ්වේත මහාරතී මහතා ඇතුළු විහාර කළමනාකාර කමිටුවේ බුද්ධරතන ස්වාමීන් වහන්සේ, ධම්මිස්සර ස්වාමීන් වහන්සේ සහ කෞඩින්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මුණගැසී ආශිර්වාද ලබා ගැනීමට ඔහු පියවර ගත්තේය.

මෙම සංචාරය අතරතුර නාමල් රාජපක්ෂ මහතා අනගාරික ධර්මපාලතුමන් විසින් 1891 වසරේදී ආරම්භ කරන ලද ඉන්දියාවේ මහා බෝධි සංගමය වෙත ද ගොස් තිබේ. එහිදී බුද්ධගයා මධ්‍යස්ථානයේ වැඩවසන පූජ්‍ය කටකඳුරේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මුල්දෙනියවල සුසීල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ඥාණරතන ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය වගීස ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලා මුණගැසී උන්වහන්සේලාගේ සුවදුක් විමසා ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළේය.

නාමල් රාජපක්ෂ මහතාගේ මෙම ඉන්දීය වන්දනා ගමන සඳහා ඔහුගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ මහත්මිය ද සහභාගී වී සිටියාය. ශ්‍රී ලංකාව සහ බුද්ධගයාව අතර පවතින දීර්ඝකාලීන ආගමික සබඳතා තවදුරටත් තහවුරු වන අයුරින් මෙම සංචාරය සංවිධානය කර තිබූ අතර, එහිදී මහා බෝධි විහාරයේ විශේෂ පූජාවන් සඳහා ද ඔවුන් එක් විය.

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: අවසන් කෙටුම්පතක් නොමැති බව සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී පවසයි

Shiran Viraj

Why you need a cheering squad in your fitness journey

Shiran Viraj

''මෙහෙම වැඩ කරන්න දෙන්න බෑ'' – ජනපතිගෙන් අගමැතිට දෝස්මුරයක් !

Shiran Viraj
Translate »