25.9 C
Colombo
2026-01-19
mediahumanrights.lk
Local NewsNewsPolitical

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කිරීමෙන් භයානක සමාජ අර්බුදයක් වැළකුණු බව සංජීව එදිරිමාන්න මහතා පවසයි

අසභ්‍ය වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුව හෝ වෙනත් කරුණු හේතුවෙන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අතරමග නතර නොවන්නට, මීට වඩා භයානක සමාජ අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ රජය විසින් යෝජනා කළ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අතිශය අවිධිමත් සහ අසම්පූර්ණ එකක් බවයි.

අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තාවකාලිකව නතර කරන බවට කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශය පිළිබඳව ද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී සිය විවේචනය ඉදිරිපත් කළේය. කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළ පරිදි මෙම ප්‍රතිසංස්කරණ මූලික කුලුණු පහක් මත පදනම් වූයේ නම්, රජය එම කුලුණු නිසි ලෙස අනුගමනය කළේද යන්න පිළිබඳව එදිරිමාන්න මහතා ප්‍රශ්න කර සිටියි. නව ප්‍රතිසංස්කරණ හරහා සිසුන් අන්තර්ජාල භාවිතය සඳහා පෙළඹවීමක් පවතින නමුත්, ඊට අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

රජය විසින් ‘මහජනතාව දැනුවත් කිරීම සහ ප්‍රවර්ධනය’ යන මූලිකාංගය මුළුමනින්ම අමතක කර ඇති බවත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි ස්ථාවරයක සිටිමින් කටයුතු කිරීම තුළින් රජයේ උද්දච්චකම පෙන්නුම් කරන බවත් හිටපු මන්ත්‍රීවරයා චෝදනා කළේය. වර්තමාන ලෝක දේශපාලන ප්‍රවණතා අනුව පාර්ලිමේන්තු බලයට වඩා මහජන බලය ශක්තිමත් බව රජය වටහා ගත යුතු බව ද සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පවතින විරෝධය හමුවේ රජය සිය ගමන නැවත සමාලෝචනය කළ යුතු බව ඔහුගේ අදහසයි.

Related posts

ආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…

Shiran Viraj

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුට සුවයි

Shiran Viraj

පරාජයන්ගේ අමිහිරි මතකයන් මැද දික්වැල්ලට අද ලෝක වාර්තාවක් බිහි කිරීමේ අවස්ථාව

Shiran Viraj
Translate »