22.8 C
Colombo
2026-03-03
mediahumanrights.lk
Local NewsNews

ආවේණික කෘමි සතුන් සොරාගත් ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු නුවරඑළියේදී අත්අඩංගුවට

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්ත ස්වභාවික මංපෙතට පිවිසෙන ස්ථානයේදී සිදු කළ පරීක්ෂාවකදී, මෙරටට ආවේණික කෘමි සතුන්ගේ සාම්පල සන්තකයේ තබාගෙන සිටි ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව ඇත. සැකකාර ඇමරිකානු ජාතිකයාගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී රසායන ද්‍රව්‍ය තුළ බහා තිබූ කෘමි සතුන්, රසායනික ද්‍රව්‍ය සහ කුඩා සතුන් ඇල්ලීමට භාවිතා කරන උපකරණ කිහිපයක් මුලින්ම සොයාගෙන තිබේ.

අනතුරුව උද්‍යාන භාරකරු එම්.එම්.කේ. මොරතැන්න මහතාගේ උපදෙස් මත හක්ගල අඩවි ආරක්ෂක නිලධාරීන් සමඟ එක්ව නුවරඑළිය නගරයේ මොවුන් නැවතී සිටි සංචාරක හෝටලය පරීක්ෂා කර ඇත. එහිදී ඔවුන් සිටි කාමරයේ තිබී තවත් කෘමි සාම්පල 15ක් පමණ සහ තවත් රසායනික ද්‍රව්‍ය රාශියක් සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් විය. මෙම කෘමි සතුන් මෙරටට ආවේණික විශේෂයන් බවට හඳුනාගෙන ඇති අතර, විදේශිකයන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර විදේශිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණ භාරයට ගෙන ඔවුන්ට විදේශ ගමන් තහනමක් පැනවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කෙරුණු අතර, නඩුව නැවත 2026 ජනවාරි 26 වන දින කැඳවීමට නියමිතය. වනජීවී භාරයට ගත් කෘමි සාම්පල විද්‍යාත්මක වාර්තාවක් සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව උද්‍යාන භාරකරු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ශ‍්‍රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…

Shiran Viraj

නවසිලන්ත – ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් තරවේ

Shiran Viraj

ඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..

Shiran Viraj
Translate »