mediahumanrights.lk
LIFELIFE NEWSLocal NewsNews

වතුකරයේ අඩු වයස් ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා තරුණ පිරිස් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සාමිමලේදී

වතුකරයේ අඩු වයස් කාන්තාවන් ගැබ්ගැනීම හේතුවෙන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා වැළැක්වීම සහ එවැනි තත්ත්වයන් පාලනය කිරීම පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය 20 වන දින සාමිමලේ කෝවිල් ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ ‘අන්තර්කරණය, සංහිඳියාව සහ සමාජ සාධාරණත්වය උදෙසා වූ බහුවිධ ක්‍රියාකාරිත්ව ව්‍යාපෘතිය’ සහ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

“වතුකරයේ ආන්තීකරණයට ලක්වූ කාන්තාවන් සෞඛ්‍ය සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම” යන තේමාව යටතේ පැවැති මෙම සාකච්ඡාව සඳහා මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු පිරිසක් සම්පත් දායකත්වය ලබා දුන්හ. මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණේ පාසල් යන වයසේ තරුණ තරුණියන් අතර පවතින සබඳතා හේතුවෙන් සිදුවන ගැබ්ගැනීම් නිසා ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වීම සහ ඇතැම් අවස්ථාවලදී සියදිවි හානිකර ගැනීමට පවා පෙළඹෙන අවාසනාවන්ත තත්ත්වයන් පිළිබඳවයි.

මෙවැනි තත්ත්වයන් වතුකරයේ අනාගත පරපුරට බලපාන ආකාරය පිළිබඳව පැහැදිලි කළ නිලධාරීන්, යහපත් සෞඛ්‍ය පුරුදු සහිත පිරිසක් ලෙස තරුණ ප්‍රජාව ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව ද උපදෙස් ලබා දුන්හ. මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු නියෝජනය කරමින් තරුණ තරුණියන් 200ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Related posts

රූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..!

Shiran Viraj

‘පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක්…

Shiran Viraj

සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

Shiran Viraj
Translate »