රජය විසින් 2025-11-21 දින සිට ප්‍රකාශයට පත් කරන ලද විස්තීරණ ආපදා තත්ත්වය කළමනාකරණය සඳහා කඩිනම් සහන සහ පරිපාලනමය තීරණ ගණනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අද අනුමත කර තිබේ.
ප්‍රධානතම සහනය (දීමනාව ඉහළට):
- පීඩාවට පත් පවුල් සඳහා වියළි ආහාර වෙනුවෙන් සතියකට මෙතෙක් ගෙවූ රු. 1,800-3,600 අතර මුදල, රුපියල් 2,100 සිට උපරිම රුපියල් 10,500 දක්වා ඉහළ දැමීමට අනුමැතිය ලැබිණි.
මූල්‍ය හා පරිපාලන බලය පැවරීම:
- ප්‍රසම්පාදන බාධක ඉවත් කරයි: ප්‍රසම්පාදන කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීම සඳහා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත බලය පවරා, අයවැය චක්‍රලේඛ 05/2025 සහ 06/2025 නිකුත් කර තිබේ.
- අතිරේක ප්‍රතිපාදන: ආපදා ප්‍රතිචාර වෙනුවෙන් දැනටමත් රුපියල් මිලියන 550ක අතිරේක ප්‍රතිපාදන සලසා ඇත.
- භාණ්ඩාගාර ලේකම් වෙත සම්පූර්ණ බලය: තවදුරටත් අවශ්‍ය සියලු අනුමැතීන්, මාර්ගෝපදේශ සහ අතිරේක ප්‍රතිපාදන කඩිනමින් සලසා දීම සඳහා භාණ්ඩාගාරයේ ලේකම් වෙත බලය පැවරීමට ද ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මෙමගින්, ආපදා සහන කටයුතු කඩිනම් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කර, පීඩාවට පත් ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම රජයේ අරමුණ වී ඇත.

