mediahumanrights.lk
Local NewsNewsPolitical

හොරණ ප්‍රාදේශීය සභා අයවැය ‘වංචනිකව’ සම්මත කළ බවට චෝදනා – චරිත් අබේසිංහ

හොරණ ප්‍රාදේශීය සභාවේ පාලක ජාතික ජන බලවේගය (NPP) විසින් න්‍යාය පත්‍රයට පටහැනිව සහ වංචනික ආකාරයෙන් අයවැය සම්මත කරගෙන ඇති බවට සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා චෝදනා කරයි. සභාවේ බහුතර බලය ආණ්ඩු පක්ෂයට නොමැති පසුබිමක, ඔරලෝසුවේ වේලාව විනාඩි 5ක් ඉදිරියට දමා මෙම ක්‍රියාව සිදු කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

චරිත් අබේසිංහ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා දක්වා ඇති කරුණු අනුව, සභාව ආරම්භ කිරීමට නියමිතව තිබූ පෙරවරු 10.00ට විපක්ෂ මන්ත්‍රීවරුන් පැමිණෙන විට, පෙරවරු 9.55 වන විට අයවැය සම්මත කර පාලක පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගොස් ඇත. ආගම සිහි කිරීම ඇතුළු මූලික සම්ප්‍රදායන් සහ න්‍යාය පත්‍රයේ සඳහන් කරුණු පසෙකලා විනාඩි 3ක් වැනි කෙටි කාලයක් තුළ අයවැය සම්මත කරගෙන ඇත්තේ ලේකම්වරියගේ ද සහය ඇතිව බවට ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.

මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බවත්, මෙවැනි “වංචනික කටයුතුවල” සැබෑ යථාර්ථය ජනතාවට හෙළි කරන බවත් අබේසිංහ මහතා අවධාරණය කර සිටියි. මීට පෙර ද මෙම සභාවේ අයවැය එක් වරක් පරාජයට පත්ව තිබූ බව ද මෙහිදී සඳහන් වේ.

Related posts

වැලිකඩ රැඳවියන්ගේ දහදියට ලැබුණු ජීවිත කාලයටම නොලැබෙන දේ – Photos

Shiran Viraj

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේ

Shiran Viraj

යළි ලබාගත නොහැකි අයුරින් බලයක් උතුරු මහඇමති ඉල්ලයි

Shiran Viraj
Translate »